දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැයට වුණ දේ
දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ (10) පස්වරුවේ සම්මත වී ඇත.
ඒ වගේම ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව තිබේ.
ඒ හේතුවෙන් අය-වැයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබිණි. ඒවගේම දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මහ නගර සභාවේ 2026 අය-වැය සඳහා වූ මහා සභාව ආරම්භ කර තිබිණි.
ඉන් පසුව උප නගරාධිපති සුසන්ත බටගොග මහතා සභාව අමතන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විපකෂයේ නියෝජිත මන්ත්‍රීවරුන් සියලුදෙනා සභා ගර්භයෙන් ඉවත්ව තිබේ.
තවද අයවැයේ සංශෝධනයන් පිළිබඳ කිසිදු යෝජනාවක් විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මන්ත්‍රීවරියකගෙන් ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.