මොරොක්කෝවේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී 22ක් ජීවිතක්ෂයට - 16කට තුවාල

By Kaushi Dec 11, 2025 02:42 AM GMT
Report

මොරොක්කෝවේ ෆෙස් (Fez) නගරයේ නේවාසික ගොඩනැගිලි දෙකක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ කඩා වැටුණු මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිලි දෙකේ පවුල් අටක් පදිංචිව සිට ඇති බවයි.

එසේම මොරොක්කෝ මාධ්‍ය සඳහන් කරන ලෙස නගරයේ අල් මසීරා (Al Massira) උපනගරයේ පිහිටා තිබූ මෙම ගොඩනැගිලි කිහිපයක්ම වසර ගණනාවක් තිස්සේ දුර්වලතා මත පැවත ඇත.

ලක්ෂ 3ක පිරිසක් මිය යයි.. - ජපානය පළමු මෙගා භූමිකම්පා අනතුරු ඇඟවීම ගැන අනාවැකියක්

ලක්ෂ 3ක පිරිසක් මිය යයි.. - ජපානය පළමු මෙගා භූමිකම්පා අනතුරු ඇඟවීම ගැන අනාවැකියක්

එමෙන්ම කඩාවැටුණු ගොඩනැගිලිවලින් එකක් හිස්ව තිබූණත් අනෙක් ගොඩනැගිල්ලේ දරුවෙකුගේ උපන්දින උත්සවයක් පවත්වමින් සිට ඇති බව සඳහන්.

ඒ අනුව ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර, අනතුරු ඇඟවීමේ පියවරක් වශයෙන් අවට ගොඩනැගිලිවල පදිංචිකරුවන් ද ඉවත් කර ඇත.

මේ අතර ෆෙස් හි මහජන නඩු පවරන කාර්යාලය මඟින් මෙම කඩාවැටීමට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පවසයි.

එසේම අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවට‍ එහි පදිංචිකරුවන් චෝදනා කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

මේ පළාත්වලට අද 1න් පස්සේ වෙන්නේ මේකයි

මේ පළාත්වලට අද 1න් පස්සේ වෙන්නේ මේකයි