දිට්වා සුළි කුණාටුව ගැන කියලා ජනතාව කළඹපු මාධ්‍ය නාලිකා ගැන CIDට පැමිණිල්ලක්
මෙරටට බලපෑ දිට්වා සුළිකුණාඩුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවෙන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ පැමිණිල්ලේ මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත් පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බව සඳහන් කර ඇත.
එසේම පැමිණිල්ල සිදු කර ඇත්තේ නීතිඥ මංජුල කොඩිකාර නම් අයෙක් විසින්.
එසේම ලිඛිතව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත්තේ මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.