අවතැන් වූවන්ට පාසල්වලින් යන්න කියලා - නාමල්

Report

ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය සහ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පේරාදෙණියේ ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින්. එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීමට ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් උපරිමයෙන් කටයුතු කළත් රාජ්‍ය ආයතන අතර සන්නිවේදනයේ හිඩැස් හේතුවෙන් ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරන බවයි.

එසේම ඔහු පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ලබන දෙසැම්බර් 16 වන දින පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වන අතර, අවතැන් වූ පවුල් රාශියක් තවමත් පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගෙන සිටින බවයි.

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මඟින් අනාරක්ෂිත නිවාස ඉවත් කරන ලෙස ජනතාවට උපදෙස් දෙන අතරම අවතැන් වූ පුද්ගලයින්ට නැවත පාසැල් විවෘත කිරීමට පාසල්වලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළ ඔහු පැවසුවේ මෙම තත්ත්වය පරස්පර විරෝධී සහ දුර්වල සම්බන්ධීකරණයක් ලෙස‍යි.

ඒ අනුව පාර්ලිමේන්තුව ඉක්මනින් නැවත කැඳවීමෙන් රජයට මහජනතාව මුහුණ දෙන ගැටළු වඩා හොඳින් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

මේ අතර ආපදාව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සහ තොරතුරු මහජනතාවට සන්නිවේදනය කළේ කෙසේද යන්න විමර්ශනය කිරීමට තේරීම් කමිටුවක් පත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙහෙම ගියොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ - හාල් මිල ඉහළ යයි

මෙහෙම ගියොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ - හාල් මිල ඉහළ යයි

තවද රජය බොහෝ පොරොන්දු දී ඇති අතර, එම පොරොන්දු ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නේදැයි බලා සිටින බවත් අවශ්‍ය නම් සම්බන්ධීකරණයට සහාය වීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

එසේම ඔහු අවධාරණය කළේ ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් සහ රජයේ නිලධාරීන් කෙරෙහි විශ්වාසයක් අත්‍යවශ්‍ය බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජය තමන්ගේම රාජ්‍ය නිලධාරීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් ජනතාව දුක් විඳිනු ඇති බවයි.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි