ආපදාවලින් ක්ෂේත්‍ර බෝග වගාබිම් වලට වෙලා තියන හානිය මෙන්න

Report

 මෙරටට බලපෑ අයහපත් ආපදා තත්වය නිසා ඇතිවූ ආපදා වලින් ක්ෂේත්‍ර භෝග වගා බිම් හෙක්ටයාර 21,000කට පමණ හානිවී තිබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරිමේ ආයතනය සදහන් කර තිබේ.

තවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අයහපත් කාලගුණයෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ ගණනය කිරිම් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඒ වගේම කුඹුරු අක්කර එක්ලක්ෂ අට දහසකට පමණ හානි සිදුව ඇති බව එහි කොමසාරිස් ජනරාල් ධමිමික රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

 තව දුරටත් එතුමා සදහන් කළේ හානි වූ කුඹුරු හේක්ටයාර් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන බවයි.

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

තවත් දරුණු නායයෑම් අවදානමක් - පුද්ගලයන් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කරයි

තවද දිස්ත්‍රික්ක කිහිපයක වන අලි ගම් වැදීම පාලනය සඳහා ඉදිකළ අලි වැට සම්පුර්ණයෙන්ම මෙම අයහපත් කාලගුණය හමුවේ සිදු වූ ආපදා නිසා විනාශයට ලක්ව තිබේ.

ඒ වගේම මේ අතරින් වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සදහන් කර තිබේ.

 වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ යාල වනෝද්‍යානයට සිදුව ඇති හානිය පිළිබද සොයා බැලිමට හා පිළියම් යෙදීමට කොළඹින් නිළධාරීන් කණ්ඩායමක් පිටත් කළ යැවූ බවයි .

නුවරඑළියට පිවිසිය හැකි මාර්ග 4ක් යථා තත්ත්වයට

නුවරඑළියට පිවිසිය හැකි මාර්ග 4ක් යථා තත්ත්වයට