ලංකාවේ මහජන සෞඛ්‍යයේ හදවතට වසර 100ක්- කළුතර NIHS ශත සංවත්සර උළෙල අද අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.

Report

 1926 ජූලි 1 වැනිදා දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස ආරම්භ කළ මෙම ආයතනය, වසර සියයක් පුරා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදී තිබේ.

ශත සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර ඇති ප්‍රධාන සැමරුම් උළෙල අද පස්වරු 4.00ට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මෙන්ම, ආයතනයේ වසර 100ක ඉතිහාසය ඇතුළත් "Legacy of a Centenary" නමැති සමරු ග්‍රන්ථය (Coffee Table Book) එළිදැක්වීමටද සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිත අතර, එය ශ්‍රී ලංකාවේ පොදු මහජන සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මැද පෙරදිග යුද්ධයේ රිදුම ලංකාවට- මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට

මැද පෙරදිග යුද්ධයේ රිදුම ලංකාවට- මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට

රොක්ෆෙලර් පදනමේ සහයෝගීතාවයෙන් වෛද්‍ය එස්. එෆ්. චෙල්ලප්පා සහ වෛද්‍ය ඩබ්ලිව්. පී. ජැකොක්ස්ගේ නායකත්වයෙන් 1926 ජූලි 1 වැනිදා කළුතරදී මෙම සෞඛ්‍ය ඒකකය ආරම්භ කෙරුණේ ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙසයි.

රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් ඔබ්බට ගොස් රෝග වළක්වා ගැනීම කේන්ද්‍ර කරගත් ප්‍රජා මූලික සෞඛ්‍ය සේවා ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ගෞරවයද මෙම ආයතනයට හිමිවේ.

පසුව දිවයින පුරා ව්‍යාප්ත වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ක්‍රමවේදයේ ආරම්භයද මෙම කළුතර ආදර්ශ සෞඛ්‍ය ඒකකයෙන් සිදු වූ බව ඉතිහාසය සඳහන් කරයි.

1979 ජූලි 1 වැනිදා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ලෙස ප්‍රතිසංවිධානය කිරීමෙන් අනතුරුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් පුහුණු කරන ප්‍රධාන ජාතික මධ්‍යස්ථානය බවට එය පත්විය.

එමෙන්ම භූතානය, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියානු රටවල සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙසද මෙම ආයතනය කටයුතු කරන අතර, 2012 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල සහයෝගීතා මධ්‍යස්ථානයක් ලෙසද නම් කෙරිණි.

ශත සංවත්සරයට සමගාමීව 2026 ජූලි මාසය පුරා ජාතික මට්ටමේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, පර්යේෂකයන් සහ කළමනාකරුවන්ගේ සහභාගිත්වයෙන් විද්වත් සම්මන්ත්‍රණ, කළුතර නගරයේ සිට විද්‍යායතනය දක්වා පාගමනක්, දිවයින පුරා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ද ඒ අතර වෙයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ වසර සියයක මහජන සෞඛ්‍ය ඉතිහාසය පිළිබිඹු කරන අයුරින් නවීකරණය කළ NIHS කෞතුකාගාරයද විවෘත කිරීමට නියමිත බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් මහතා සඳහන් කළේය.

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න