හජ් උත්සවය මැද කළුතර කැළඹූ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Report

කළුතර දකුණ වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අඳාළ සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එමෙන්ම මෙම සිද්ධියට අඳාළ මහමොලකරු සහ ඒ වෙනුවෙන් සහය දුන් පුද්ගලයකු ඊයේ(01) දින දහවල් කළුතර ටවුන් ක්ලබ් මාවතේ ක්‍රීඩාපිටිය අසලදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ කළුතර, වික්‍රමසිංහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන "ඉම්රාන්" නැමැති පුද්ගලයෙකු සහ ඇහැලියගොඩ, තලාපිටිය, කනුමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවක් බව වාර්තා වේ.

මාවත්තේ චාමර වමාරයි - කොළඹ සුසාන භූමියකින් ප්‍රථම වතාවට හමු වූ දෙයින් පොලිසියත් පුදුම වෙයි

මාවත්තේ චාමර වමාරයි - කොළඹ සුසාන භූමියකින් ප්‍රථම වතාවට හමු වූ දෙයින් පොලිසියත් පුදුම වෙයි

එමෙන්ම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මි. ග්‍රෑම් 360 ක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

එම සිද්ධියෙන් ඝාතනය වූයේ මොහොමඩ් ශෆීක් ( අෆී) නැමැති කළුතර දකුණ, මරිකාර් වීදිය, අංක 71/ඒ ලිපිනයේ 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වේ. ඔහු හජ්ජි උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානයට ගොස් යතුරුපැදියෙන් යළි පැමිණෙමින් සිටියදී පසුගිය 28 වැනි දින පෙ.ව 8.45ට පමණ ජීවිතක්ෂයට පත් විය.

ඒ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මඟ හරස් කර ගිනි අවියකින් ඔහුට වෙඩි ප්‍රහාර හතරක් පමණ තබා ඝාතනය කිරීමෙන්.

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා ගිහින් - යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුව කුඩුපට්ටම්

මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා ගිහින් - යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුව කුඩුපට්ටම්