සමාජ මාධ්‍ය හැසිරීම ගැන අගමැතිනිය කලකිරිලා ප්‍රසිද්ධියේ කියු දේ මෙන්න

Report

සමාජ මාධ්‍ය තුළ කුඩා දරුවන්, අසරණ වූවන් සහ කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති 'ගම්පහ සාහිත්‍ය උළෙල' හි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස

තමන්ට කියලා නිවසක් නැද්ද? අඩු ආදායම්ලාභි පවුල් වලට රජයෙන් නිවාස

සංස්කෘතික මිනිසා යනු හුදෙක් පොතපතේ දැනුම ඇති අයකු නොව, සාහිත්‍ය නිර්මාණ තුළින් සිය අභ්‍යන්තරය වෙනසකට ලක්කර ගනිමින් මානුෂීය සංවේදීබව සමාජයට මුදාහරින තැනැත්තකු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එවැනි සංස්කෘතික පුරවැසියකුගෙන් අන් අයට අවමානයක් හෝ අගෞරවයක් සිදු නොවන බව ද ඇය සඳහන් කළාය.

සඳ අයිති අපිටයි වෙන කාටවත් නෙවෙයි - ට්‍රම්ප්ගේ සටහනක් නිසා බුකිය කැලඹේ

සඳ අයිති අපිටයි වෙන කාටවත් නෙවෙයි - ට්‍රම්ප්ගේ සටහනක් නිසා බුකිය කැලඹේ

රටේ ආර්ථිකය හා යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම සංස්කෘතික මිනිසකු බිහි කිරීම ද රජයේ ප්‍රධාන අරමුණක් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, 'සංස්කෘතික පුරවැසියකු සොයා යෑම' යන තේමාව යටතේ ගම්පහ නගර සභාව මෙවැනි සාහිත්‍ය උළෙලක් සංවිධානය කිරීම සමස්ත රටටම ආදර්ශයක් බව වැඩිදුරටත් පැවසුවාය.