එක්සත් ජාතික පක්ෂයේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ‘ඩුබායි සුද්දා’ එළඹෙන 16 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා අද (02) දින නියෝග කර ඇත.
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් මත ඊයේ දින (01) මොහුව අත්අඩංගුවට ගැණුනා.
ඒ ඊයේ (01) සවස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදීයි.
එමෙන්ම සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන බව සඳහන්.
එසේම එම කාර්යාංශය සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබූ බවයි.
සංචාරක වීසා මඟින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා වෙනුවෙන් යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙක් බව ද එම කාර්යාංශය දන්වයි.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්
කෙසේ වෙතත් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට විදේශ රැකියා සඳහා බඳවාගැනීම නීතිවිරෝධි වේ.
එබැවින් ඔබ හෝ ඔබගේ පවුලේ ඥාතියෙකු විදේශ රැකියාවක් ලබාගැනීමට මෙම පුද්ගලයාට මුදල් ලබාදී මෙම ජාවාරමට හසුවී ඇති අයෙකු නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112882229 අංකය වෙත දැනුම් දෙන ලෙස ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.