රත්ගම ඕවකන්දේදී දුම්රියක බස් රථයක් ගැටෙයි – රියදුරුගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි

By Kanchana Sep 07, 2026 10:23 AM GMT
Report

රත්ගම ඕවකන්ද දුම්රිය හරස් මාර්ගයේදී අද (7) පස්වරුවේදී දුම්රියක මගී පවාහන බස් රථයක් ගැටී එම බස් රථයට බරපතල අලාභහානි සිදුව ඇතැයි රත්ගම පොලීසිය සදහන් කර තිබේ .

බස් රථ රියදුරුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇත. පොලීසිය සදහන් කළේ ගාල්ල කොළඹ මගී පවාහන සේවයේ යෙදෙන බස් රථයක් සිය ගමන් වාරය නිමවා එහි අලුත්වැඩියා කටයුත්තකට රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ ගරාජයකට යමින් සිටියදී කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන්ගත් දුම්රියක මේ බස් රථය ගැටී ඇති බවයි

රත්ගම ඕවකන්ද මේ දුම්රිය හරස් මාර්ගය සඳහා ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි පරිදි කියාත්මක නොවීම නිසා එම දුම්රිය හරස් මාර්ගය කාලයක පටන්ම අනාරක්ෂිත බව රත්ගම ප්‍රාදේශීය සභා මන්තී හර්ෂ පසාන් මහතාද සදහන් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක