මොකද්ද මේ ලංකාවට වෙන්න යන්නේ එල්නිනෝ නිසා හිතා ගන්නවත් බැරි අවදානමක්

Report

එල්නිනෝ බලපෑම හමුවේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම සහ දියවැල්වල ස්වභාවය වෙනස් වීම හේතුවෙන් මුහුදු ක්ෂීරපායින් යැපෙන පෝෂණ ප්‍රදේශවලට මෙන්ම කොරල්පර සහ මුහුදු ශාක පරිසර පද්ධතිවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වැඩසටහනට එක්වෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, ගොඩබිම් පරිසර පද්ධතිවලට සාපේක්ෂව සාගර ජලයේ උෂ්ණත්ව වෙනස්වීම් පාලනයට සෘජුව මැදිහත් වීම අසීරු බවයි.

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි

හෙට කාලගුණය ගැන හදිසි නිවේදනයක් - මේ පළාත්වලට හෙට මි.මී. 75 ඉක්මවූ තද වැසි

එම නිසා යම් හානියක් සිදුවුවහොත් එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව උන්වහන්සේ පැවසූහ.

මේ අතර, උෂ්ණත්වය ඉහළ යාම මත මෙරට ස්ථාන දෙකක කොරල්පර සුළු වශයෙන් සුදු පැහැ ගැන්වීමේ තත්ත්වයක් වාර්තා වී ඇති නමුත් එය තවමත් සැලකිය යුතු විනාශයක් දක්වා වර්ධනය වී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි

යෝෂිත රාජපක්ෂත් ලෝක අමාරුවක - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ අභියාචනයත් ඉල්ලා අස්කරගයි

කොරල්පර මුහුදු ජලයේ උෂ්ණත්වයට ඉතා සංවේදී බැවින් මෙම තත්ත්වය කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.