හැමෝම බලා සිටි ‘ධර්ම යුද්ධය’ තුන්වැනි කොටස වැඩ අරඹයි - බිමල් සමඟ ජනප්‍රිය තරු රැසක් කරළියට
මෙරට සිනමා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් ‘ධර්ම යුද්ධය’ චිත්‍රපට මාලාවේ තෙවැනි දිගහැරුමේ රූගත කිරීම් පසුගියදා ආරම්භ කර තිබේ. මෙහි ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි එක්වන අතර, පළමු ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ ‘හරිස්චන්ද්‍ර’ගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ අභාවය හේතුවෙන් එම චරිතය මෙවර බිමල් ජයකොඩි විසින් නිරූපණය කිරීමට නියමිතය.
බිමල් ජයකොඩි සමඟ දිල්හානි ඒකනායක, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, අශාන් ඩයස් සහ කුසුම් රේණු ඇතුළු පළමු චිත්‍රපටයට රංගනයෙන් එක් වූ නළු නිළියන් රැසක් ‘ධර්ම යුද්ධය 3’ සඳහාද එක්ව සිටිති.
අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධනගෙන් ‘මාරියා’, ‘හැපී බර්ත්ඩේ’ සහ ‘නිකිණි වැස්ස’ වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන විසින් ‘ධර්ම යුද්ධය 3’ අධ්‍යක්ෂණය කරනු ලබයි.
මෙහි තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා විසින් සිදුකර තිබේ. ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනයද අරුණ ජයවර්ධන සහ සුනෙත් මාලිංග ලොකුහේවා දෙදෙනා එක්ව සිදු කළ අතර, එම චිත්‍රපටය රුපියල් කෝටි 60කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් විය.
‘Drishyam 4’ත් ළඟදීම මේ අතර, ‘ධර්ම යුද්ධය’ චිත්‍රපට මාලාවට පාදක වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට මාලාව වන ‘Drishyam’ හි සිව්වැනි චිත්‍රපටයද නුදුරේදීම රූගත කිරීමට නියමිත බව සඳහන් වේ. ඒ අනුව, ‘ධර්ම යුද්ධය 3’ සමඟින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ මෙම කතා මාලාවේ මීළඟ අදියර පිළිබඳවද මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබේ.