විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්
අද (07) දින නිල්දිය පොකුණ රැක ගැනීම වෙනුවෙන් විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් තැබීම සිදුවිය. පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී මෙම ගැසට් පත්‍රය සඳහා අත්සන් තැබුණි.
මෙම ගැසට් පත්‍රයේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2වන වගන්තියේ උප වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කර ඇති රාවණා ඇල්ල අභය භූමිය ඇතුළත පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීමට පැමිණෙන තැනැත්තන් වෙත සේවා සපයනු ලබන සේවා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විධි විධාන කිහිපයක් ඇතුළත් කර ඇත.
රාජ්‍ය සේවයේ විශාල වෙනසක් - රාජ්‍ය නිලධාරීන්ට හා ජනතාවට ජනපතිගෙන් නිවේදනයක් - ජනතාවට රාජ්‍ය ආයතන වලට එන්න අවශ්‍ය නැති වෙයි
මෙහි වැඩිදුරටත් අන්තර්ගත වෙන්නේ පරිසර සංවේදී කලාපයක් වන රාණා ඇල්ල අභය භූමිය ඇතුළත පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීමට දිනපතා සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර පරිසරය සුරක්ෂිත කිරීමේ රෙගුලාසි මෙන්ම ගුණාත්මක සංචාරක ආකර්ෂණයක් සඳහා වන රෙගුලාසි රැසක්ය.
නිල්දිය පොකුණ නැරඹීමේ කාර්යය සඳහා රාවණා ඇල්ල අභය භූමියට ඇතුළුවන සෑම තැනැත්තකුම අදාළ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සහතික කිරීමේ අරමුණින් යුතුව මෙම නියෝගවල සඳහන් විධිවිධානවලට හා ආඥාපනතේ විධි විධානවලට මෙන්ම ඒ යටතේ සාදනු ලබන වෙනත් නියෝගවලට අනුකූලව ක්‍රියා කරනු ලැබිය යුතු අතර ආඥාපනතේ 68 ආ වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සකස් කරනු ලබන මාර්ගෝපදේශවල නිශ්චිතව මේ දක්වා අවශ්‍ය ආරක්ෂිත පියවරද ගනු ලැබිය යුතු වේ.
මෙම පියවර යටතේ වයස අවුරුදු 10ට වඩා අඩු තැනැත්තෙකුට ගුහාවට ඇතුළුවීමට ඉඩ ලබා දී නැති අතර වයස අවුරුදු 10ට වැඩි සහ 18ට අඩු යම් තැනැත්තෙකු භාරකරුවෙකු ද සමග යන්නේ නම් එවැනි තැනැත්තෙකුට ගුහාව ඇතුළු වීම සඳහා අවසර ලබා දී තිබේ. එමෙන්ම පාසල් නිල ඇඳුමක් ඇඳ සිටින හෝ අදාළ අධ්‍යාපන ආයතනයක් විසින් නිකුත් කරන ලද ශිෂ්‍ය හැඳුනුම්පතක් සන්තකයේ ඇති හෝ අදාළ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා විසින් නිකුත් කරන ලද අවසර ලිපියක් දරන යම් ශිෂ්‍යයෙකු මේ නියෝගවල කාර්ය සඳහා ශිෂයෙකු සලකනු අතර අවසර ලත් මාර්ග පමණක් ඒ සඳහා භාවිත කළ යුතුය.
විශේෂ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයට අනුව ගුහාව ඇතුළතදි නිල්දිය පොකුණේ ජලයට බැසීම සහ එහි ජලයට කැළි කසල දැමීම, පවිත්‍රකාරක දැමීම හෝ යම් ද්‍රව්‍යක් හෝ ද්‍රාවණයක් එකතු කිරීම, ඝෝෂා කිරීම, සංගීත උපකරණ වාදනය කිරීම හෝ ශබ්දය උපදවන උපාංග භාවිත කිරීම, ගිනි දැල්වීම හෝ ගිනි මෙළවීම, දුම් පානය කිරීම හෝ මධ්‍යසාර හෝ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ගල් චලනය කිරීම හෝ ගල්වල පිහිටීම වෙනස් කිරීම මෙන්ම ගල්මත සටහන් කිරීම, සලකුණු තැබීම ආදිය සම්පූර්ණයෙන් තහනම් වන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.