ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා හා දකුණු කොරියානු තානාපතිනිය පැලවත්තේ හමුවෙලා

Report

අද (28) පෙරවරුවේ පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමු වී ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

ජනාධිපති අනුර දිසානායක ප‍්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙලට කොරියානු ජනරජයේ තානාපතිනිය සිය ප‍්‍රශංසාව පළ කර තිබේ. විශේෂයෙන්ම දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා 1977 සිට මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් එම කටයුතු ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා කටයුතු කරන බවත් ඇය පැවසුවේය.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියාවේ අත්දැකීම් සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමටත් මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවන් සඳහා කොරියානු ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බව තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

දූෂණයෙන් තොරවීම ජාත්‍යන්තරයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඔසවා තැබීමට අවස්ථාවක් උදාකර දී ඇති බව පවසා තිබේ දකුණු කොරියානු තානාපතිනිය, විදේශ ආයෝජන කැඳවා ගැනීමට මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට මෙම පරිසරය ඉතාමත් යෝග්‍ය බව පවසයි.

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙරට වංචාව දූෂණය නැවැත්වීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙතෙක් කල් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය මාලිමා ආණ්ඩුව යටතේ අවසන් කර ඇති බවට සහතිකයක් ලබා දිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා ඇත.