ඔන්න ඒ පාර විදුලි බල මණ්ඩලෙත් වැඩවර්ජනයක් - මිනිස්සුන්ට කට්ට කරුවලේ ඉන්න වෙයිද

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘත්තීය සමිතිය විසින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ලබන මස පළමුවැනිදා (01) එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වේ.

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

නව පනත යටතේ ලංවිම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රජය සහ පාලනාධිකාරිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටීම මෙම වැඩවර්ජනයට හේතුව බව පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම පනතට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන සිටි බවත් වත්මන් එක් අමාත්‍යවරයෙකු විසින් මෙම පනතට එරෙහිව නඩු පැවරූ බවත් ලංවිම ජවිපෙ වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් මහතා විසින් පනතේ පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමීමත් වෘත්තීය සමිති නියෝජිතයන් මතක් කර සිටියේය.

ජනපති අනුරගේ දේශීය සංචාර තොරතුරු දැනගන්න බෑ- ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ජනපති අනුරගේ දේශීය සංචාර තොරතුරු දැනගන්න බෑ- ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

සේවකයන්ගේ කිසිදු එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් නව සමාගම්වලට අනුයුක්ත කිරීම සඳහා ලිපි බෙදා හැරීමක් දැනටමත් සිදු වෙමින් පවතින අතර මෙම සිදුවීම සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් චෝදනා කරයි.

ගල් අඟුරු වංචාවක් සහ LTL හෝල්ඩින්ස් සමාගමේ ගනුදෙනු සැකසහිත බවත් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙයි.

සේවක අයිතිවාසිකම් සහ ආයතනයේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම වර්ජනය අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.