අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්
Sri Lanka Airport
Plane Crash
Sri Lanka Air Force
Latest Headlines
Sinhala news
By Ashfa
ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඔවුන් සදහන් කරන්නේ මෙම දිනවල කුඩා ළමුන් සහ වැඩිහිටියන් ගුවන් ධාවන පථ අසල ප්රදේශවල සරුංගල් යැවීමත් සමඟම ඉතා අවදානම් සහගත තත්ත්වයක් මතුව ඇති බව ගුවන් හමුදාව වාර්තා කරයි.
මෙලෙස සරුංගල් යැවීම සුලුකොට තැකුවද ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්රධාන හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්රදේශවල මෙලෙස සරුංගල් යැවීම දක්නට ලැබේ.
ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් විශාල බාධාවක් වන අතර කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ සරුංගල් යැවීම වළක්වන්නැයි ප්රකාශ කරයි.