හිටපු JVP සාමාජිකයෙක් ජනපතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි..!
අද (05) ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරුණි.
ඒ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟිනි.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.
ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 15කි. ඒ අතරින් දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද ඇප මුදල් තැන්පත් කර තිබේ.