මේ දේ කළොත් යළිත් ලංකාවට ආධාර නෑ - ජනපති කියයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් යම්කිසි පාර්ශ්වයක් කඩ කළහොත් රටට නැවත කිසිදු ආධාරයක් ලබාගත නොහැකි වන බවයි.
රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් විසින් මඩකලපුව ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තියවේදීන් සිවිල් සංවිධාන ක්‍රීයාකාරීන් සහ නීති සංගමයේ පිරිසක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.