මොකද වෙන්නෙ කියලා.. රටම බලන් ඉන්න මේ වෙලාවේ.. මාලිමාවෙන් මේ දැන් උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

Report

මේ මොහොත වන විටත් 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාළව දෙවන මනාප‍ය ගණනය කිරීම සිදුවෙමින් පවති.

එතකොට හෙට මොකද වෙන්නේ.. ඒ විශේෂ රජයේ නිවාඩුව ලැබෙයි ද?.

එතකොට හෙට මොකද වෙන්නේ.. ඒ විශේෂ රජයේ නිවාඩුව ලැබෙයි ද?.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අනුර දිසානායක දැනට ඉහළින්ම ජයග්‍රහණය කරලා ඉන්නවා. ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා.

නමුත් 50% අඩු නිසා මැතිවරණ නීතියට අනුව දෙවන මනාප තුන්වන මනාප ගණන් කිරීමක් කළ යුතු වෙනවා. එය අවසන් වන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්න බැහැ.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


මැතිවරණ කොමිසම බැදිලා ඉන්නවා දෙවෙන මනාප තුන්වන මනාප ක්‍රියාවලිය අවසන් වන තෙක් අවසන් ප්‍රතිඵපලය නිකුත් නොකර ඉන්න.

ඒ නිසා ඉතා පැහැදිළියි, දෙවන මනාව තුන්වන මනාප ගණන් කළත් අනුර සහෝදරයා පරද්දන්න කාටවත් බෑ. දැන් ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා.

කිසිදු ආකාරයකින් කලබල වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. දෙවන මනාප තුන්වන මනාප ගණන් කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. අවසන් ප්‍රතිඵලය තව පැය කිහිපයකින් බලා ගන්න පුළුවන්.

දැනටමත් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ නිසා කිසිදු ආකාරයක අක්‍රමිකතාවයක් සිදුවන දෙයක් නෙමෙයි. මේ නිවැරදි ක්‍රියාවලියක් පමණක් වෙන්නේ. ඒ නිසා අපි ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


ප්‍රතිඵලය නියම වෙලාවට නිකුත් වෙයි . දැනටමත් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ.

දෙවන මනාප තුන්වන මනාප ලබා දීම ඉතා අඩුවෙන් සටහන් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒවා ආවා කියලා ලක්ෂ 13ක ගැප් එක ආවරණය කරන්න බැහැ. ඒ නිසා ඉතා පැහැදිළිව මෙම ජයග්‍රහණය ස්ථිර වෙලා ඉවරයි."