ජපානෙත් යටවෙයි, එක් අයෙක් මරුට
By Kaushi
ජපානයේ ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ අධික සුළං තත්ත්වය නිසා ජපානයේ වරායක ගොඩගසා තිබු බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙන බවයි.
එමෙන්ම අධික වර්ෂාපතනය නිසා ටෝකියෝහි ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වේ.
මේ අතර දුම්රිය සේවයද තාවකාලිකව අත්හිටු වීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.
එබැවින් පුද්ගලයින් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් එරට කාලගුණ අංශ සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ටෝකියෝවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාව පවතින බවයි.