යාපන‍ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට පමණක් වැටුප් ලැබේ...

Report

වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අතරින් යාපනය විශ්වවිද්‍යාලයීය සේවකයන්ට පමණක් මෙම මස වැටුප ලබා දී තිබෙනවා.

ඔවුන්ට මෙලෙස වැටුප ලබා දී ඇත්තේ වර්ජනයේ යෙදෙන විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවලට වැටුප් නොගෙවිය යුතු බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මීට වසර කිහිපයකට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කර තිබියදී බව වාර්තා වේ.

සුළි කුණාටුවක් හේතුවෙන් බංග්ලාදේශයේ 10 දෙනෙකු ජිවිතක්ෂයට...

සුළි කුණාටුවක් හේතුවෙන් බංග්ලාදේශයේ 10 දෙනෙකු ජිවිතක්ෂයට...

මෙලෙස ඔවුන්ට පමණක් වැටුප ලබා දී ඇත්තේ පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති විය හැකි විරෝධය යටපත් කිරීමට බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වුවද වැටුප ලබා ගත් සේවකයන් පවා ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ බවත් හෙතෙම පැවසී ය. අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩල ද වැටුප ලබා ගන්නේ අත්තිකාරමක් වශයෙනි.

100 වැනි ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ සංවත්සර සමුළුව ප්‍රංශයේ දී ...

100 වැනි ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ සංවත්සර සමුළුව ප්‍රංශයේ දී ...


කෙසේ වෙතත්, අද (27 වැනිදා) අනධ්‍යන කාර්ය මණ්ඩල ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත ව තිබිණි.