ඊශ්‍රායලයේ දී ලාංකිකයෙක්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම..

Israel Israel-Hamas War
By Aruna Jul 14, 2024 04:09 AM GMT
Aruna

Aruna

Report

උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති බවයි, ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

ක්ලබ් වසන්ත මිය යන්න පැයකට පෙර චමුදිතට කියූ දේ.. සියලු හඬපට නිකුත් වෙයි..ප්‍රබලම දේශපාලන චරිතයක නම ගෑවෙයි.(VIDEO)

ක්ලබ් වසන්ත මිය යන්න පැයකට පෙර චමුදිතට කියූ දේ.. සියලු හඬපට නිකුත් වෙයි..ප්‍රබලම දේශපාලන චරිතයක නම ගෑවෙයි.(VIDEO)


තුවාල ලැබූ එම ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකර ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

අදාළ ප්‍රහාරයන් සිදුවන අවස්ථාවේ සයිරන් නලා නාද වුවද ඔවුන්ගේ ආරක්ෂිත කාමරය වෙත දිව යන අතරතුර එම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.