ක්ලබ් වසන්ත මිය යන්න පැයකට පෙර චමුදිතට කියූ දේ.. සියලු හඬපට නිකුත් වෙයි..ප්‍රබලම දේශපාලන චරිතයක නම ගෑවෙයි.(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Gun Shooting
By Aruna Jul 14, 2024 03:14 AM GMT
Aruna

Aruna

Report

පසුගිය (08) වනදා උදෑසන 10.00 ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීමක් සිදු වුණා.

එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් අයෙක් මිය ගියේය.

ඔහු මිය යාමට ආසන්නයේ එනම් පැයකට පමණ පෙරාතුව, ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග වට්ස්ඇෆ් මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදු කරගෙන තිබුණා.

එවන් තත්ත්වයක් තුළ, මිය යාමට පැයකට පමණ පෙර ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා තම ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ දම්මික පෙරේරා මහතා සමග චමුදිත සමරවික‍්‍රම මහතා සිදු කරන සංවාදයක කොටසක් ඇතුලත් වීඩියෝවක් එක් කර තිබුණා.

බදු සම්බන්ධයෙන් දම්මික සහ චමුදිත අතරේ වන සංවාදයක් ඇතුලත් වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ "පොඩි එකාට තමයි හැම බද්දක්ම" යන යෙදුමද සමගින් ය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ගගන ප්‍රවෘත්ති අශයේ අප විමසීමක් කළ අතර, එහිදී ඔහු අප සමග කියා සිටියේ වසන්ත පෙරේරා මහතා මියයාමට පැයකට පමණ පෙර වට්ස්ඇෆ් මාධ්‍ය ඔස්සේ තමන් සමග අදහස් හුවමාරු කර ගැනීමක් සිදු වූ බවයි.

ඉන් අනතුරුව වසන්ත පෙරේරා හට වෙඩි වැදී ඇති බවට ආරංචිය චමුදිත හට සැලවීමත් සමග තමන්ට එය අදහාගත නොහැකි ආරංචියක් වූ බවයි අප සමග කියා සිටියේ.

එයට හේතුව නම් මිය යෑමට පැයකට පමණ පෙර වසන්ත තමා සමග අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවීම නිසාවෙන් බවයි.

මෙවන් තත්ත්වයක් තුළ මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා සමග වසන්ත පෙරේරා අවසන්වරට වට්ස්ඇෆ් මාධ්‍ය ඔස්සේ සිදු කළ අදහස් හුවමාරුවට අදාල හඬපට ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න👇

@matureleadership

අන්තිම වොයිස් මැසේජ් එක.

♬ original sound - MatureLeadership