සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

Report

මේ වන විට නේපාලයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කරන ඉෂාරා සෙව්වන්දී පිළිබඳව ආන්දෝලාත්මක කරුණු රැසක්ම අනාවරණය වී තිබේ. ඒ අනුව සිදු කරන ප්‍රශ්න කිරීම් වලට අනුව ඇය බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබේ.

ඒත් සමගම තවත් ඇය පිළිබඳවද තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබේ.ඇය ජේ කේ බායි වෙත දුරකථන ඇමතුමක් ලබා කතාබහ කෙරු හඬහඬ පටයක්ද මේ වන විට මුදා හැර තිබේ. ඒ අනුව ඇය නේපාලයේ සැඟවී සිටින කාලය තුළදී දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණ දී තිබේ.ඒත් සමගම මෙම ආර්ථික අපහසුතා හේතුවෙන්ම ඇයට ජීවිත එපා වූ බවත් සඳහන් කර සිටියි.

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

ජීවිත එපාවූ නිසා ඇය විසින්ම පොලිසියට කතා කොට තමන්ව අඩංගුවට ගන්නා ලෙස සඳහන් කිරීමට දුරකථන අංකය කීප වතාවකම ඩයල් කර බවත් සඳහන්වේ. නමුත් ඇතිවූ බය නිසා එය සිදු නොකළ බවට ඇය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඇය විසින් ජේ කේ බායි සමග හුවමාරු කරගත් ජංගම දුරකථන සංවාදයේ ඇය පවසන කොටස පහතින් උපුටා දක්වා ඇත.

“මට එපා වෙලා ඉන්නේ අයියේ ඒ අම්මගේ දානෙට මට සල්ලි දාගන්න බැරුව ලක්ෂයයි දුන්නේ.ගෙදර අය දානෙ දුන්නේ මම රුපියල් ලක්ෂයයි දුන්නේ ඒකත් ලක්මාල් අයියා දුන්නේ.ගියපාර මළ ගෙදර වැඩ කරන්නේ මාමලා ගෙදර අය තමා මේවා කරේ.මල්ලිට දහය ඇප හම්බුනෙත් නෑ ඕයි.

ආයේ දාහත ඇප හම්බෙනවා කියනවා. ඒකත් ෂුවර් නෑ එපා වෙලා ඉන්නේ මම නම්. මේ ඔයාට පුළුවන්ද මට උදව්වක් කරන්න.මේ චේන් එක විකුනන්න පොඩ්ඩක් බලමුද අපි දෙන්නා මොකද චේන් එක විකුණලා මල්ලිට දාහත ඇප හම්බ වුණොත් ලක්ෂ පහක් බඳින්න ඕනි.ලක්ෂ පහක් ඇත්තටම අතේ නෑ.

මහානාමගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්න නියෝග

මහානාමගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්න නියෝග

අම්මගේ දානෙටත් මේවා කළා වැඩ හින්ද අයියේ ලක්මාල්ට කරදර කරන්නත් බැහැ.අපිට නිකම් අඳුරන කවුරුත් නැද්ද චේන් එක විකුණලා ලංකාවේ සල්ලි වලින් කීයක් හම්බෙනවද බලලා මනී ග්‍රෑම්වලින් ලංකාවට සල්ලි දාන්න.පොඩ්ඩක් ඒ වැඩේ මට බලලා දෙන්නකෝ ඔයා යන්න කලින්.”

යනුවෙන් ඇය මේ විදිහට ජේ කේ බායි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ඒ වගේම ඇයගේ මවගේ තෙමස් පූර්ණ පින්කමේ ඡායාරූපත් ඇය වෙත යම්කිසි පුද්ගලයෙක් විසින් දුරකථනයට ඒවා ඇති බවට කරුණු අනාවරණය වේ.

කෙසේ නමුත් දිගින් දිගටම ඇය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිත වේ.

මුහුදේ පාවී ආ බෝතලයක් බී මියගිය ධීවරයින්ගේ මරණ ගැන විවෘත තීන්දුවක්

මුහුදේ පාවී ආ බෝතලයක් බී මියගිය ධීවරයින්ගේ මරණ ගැන විවෘත තීන්දුවක්