ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

Report

පසුගිය පෙබරවාරි 19වනදා නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනිඅවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරීය.

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට පිස්තෝලය සඟවාගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහය පිටපතක් ලබා දී ඇති නීතිඥවරියද (28) දෙන අත්අඩංගුවට ගැනුණි.

ඒ කඩවත ප්‍රදේශයේදී. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩවත මහා බෝධි මාවතේ පදිංචි 52 හැවිරිදි නීතිඥවරියක් බව සඳහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් ඇය පිළිබඳ සිදු කෙරූ විමර්ශනයට අනුව මේ වන විට තොරතුරු රැසක් මනාවරණය වී තිබේ.

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

ඒ අනුව මෙම නීතිඥවරිය කෙහෙල් බද්දර පද්මය හා සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් ඇය ව්‍යාජ ඔප්පු සකස් කරදීම ඇතුළු නීතියට පටහැනි ක්‍රියාවන් රැසකට චෝදනා පවතින බවත් වාර්තාවේ.

මෙම නීතිඥවරිය පසුගිය පෙබරවාරි මාසයේදි ගණේමුල්ලේ සංජීව ඝාතනයට පෙර වූ සැලසුමට ඍජුව හෝ වක්‍ර අන්දමින් සම්බන්ධ වූ තැනැත්තියක් බවද තොරතුරු ලැබී ඇත.

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු හා මහ මොළකාරිනිය වන ඉෂාරා සෙව්වන්දි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ ඇත්තේ නීතිඥ වෙසින් බවද එම වෙඩික්කරුට නීතිඥවරුන් පලඳින කළු පැහැ කබාය හා නීතිඥ ලාංඡනය සහිත ටයි පටියද ලබා දී ඇත්තේ සැකකාර මෙම නීතිඥවරිය බවට අනාවරණය වී ඇත.

මහ දවල් ව්‍යාපාරිකයව වෙඩි තියලා මරලා - මොකක්ද හේතුව?

මහ දවල් ව්‍යාපාරිකයව වෙඩි තියලා මරලා - මොකක්ද හේතුව?

මීට අමතරව ඉෂාරා සෙව්වන්දිට ද නීතිඥ කබාය ඇඳීමට සලසා දී ගිනි අවිය සඟවා ගෙන යාම සඳහා සකස් කර ගත් දණ්ඩ නීති සංග්‍රහයද ඇයට අධිකරණයට රැගෙන යාම සඳහා තවත් වැදගත් නීති ග්‍රන්ථ කිහිපයක්ද මෙම නීතිඥවරිය විසින් ලබා දී ඇතැයි අනාවරණය වී ඇත.

මීට අමතරව මෙම වෙඩික්කරුට හා ඉෂාරා සෙව්වන්දිට නීතිඥ හැඳුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා තිබෙන බවත් මොවුන්ට වාහනයේ ගමන් කිරීමේදී නීතිඥවරුන් භාවිත කරන ස්ටිකර් ආදියද සලසා දී ඇත්තේ සැකකාර නීතිඥවරිය බවද විමර්ශන මගින් හෙළිවී ඇත.

බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි

බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි

මේ අනුව මෙම නීතිඥවරියගෙන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ අවසරය ලබාගෙන ඇති අතර ඇය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.