ජලය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙස වාරිමාර්ගයෙන් ආයාචනයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 80ක සමස්ත ජල ධාරිතාව මේ වනවිට සියයට 48ක් පමණ වන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු H.M.P.S.D. හේරත් මහතා සඳහන් කරයි.

පවතින ජල සංචිත සැලකිල්ලට ගනිමින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, යල කන්නයේ වගා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනු ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

ජලාශ මඟින් පානීය ජලය ලබාගන්නා ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල මට්ටමක් දැනට පවතින බවද ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැසි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඉදිරියේදී පානීය ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවද H.M.P.S.D. හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය රක්ෂණය පෙරළියක් කරමින් App එකක්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය රක්ෂණය පෙරළියක් කරමින් App එකක්

මිලියන ගණනක ඉතිහාසය යළි ගොඩගන්න පුත්තලමේ පොසිල කෞතුකාගාරයක් ඉදිවෙයි

මිලියන ගණනක ඉතිහාසය යළි ගොඩගන්න පුත්තලමේ පොසිල කෞතුකාගාරයක් ඉදිවෙයි