ශ්‍රී ලංකාවේ සමුද්‍රීය රක්ෂණය පෙරළියක් කරමින් App එකක්

Report

සමුද්‍රීය හා වෙරළබඩ පරිසරය අපද්‍රව්‍යවලින් ආරක්ෂා කරමින් පිරිසිදු සාගර කලාපයක් ගොඩනැගීමේ අරමුණින් ‘Ocean Watch’ නමැති නව වෙබ් පාදක ජංගම යෙදවුම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් හඳුන්වා දී තිබේ.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව හඳුන්වා දී ඇති මෙම යෙදවුම, වෙරළ හා සමුද්‍රීය පරිසර කළමනාකරණය වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,700කට ආසන්න වෙරළ තීරයක් සහ විශාල සාගර කලාපයක් හිමි වුවද, ගංගා හා ඇළ මාර්ග ඔස්සේ මුහුදට එක්වන අපද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍රීය පරිසරයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

එම තත්ත්වය සාගර ජෛව විවිධත්වයට පමණක් නොව ධීවර හා සංචාරක කර්මාන්තවලටද අහිතකර ලෙස බලපාන බව අධිකාරිය පෙන්වා දෙයි. මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් වෙරළබඩ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව වෙරළ කළමනාකරණ කමිටු පිහිටුවා ඇති අතර, එම ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා මෙම ඩිජිටල් යෙදවුම සංවර්ධනය කර තිබේ.

මිලියන ගණනක ඉතිහාසය යළි ගොඩගන්න පුත්තලමේ පොසිල කෞතුකාගාරයක් ඉදිවෙයි

මිලියන ගණනක ඉතිහාසය යළි ගොඩගන්න පුත්තලමේ පොසිල කෞතුකාගාරයක් ඉදිවෙයි

‘Ocean Watch’ මඟින් වෙරළ සහ ධීවර වරායන් ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහන් සංවිධානය කරන කණ්ඩායම්, අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්ව අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීමට හැකි වේ.

එසේම ගොඩබිමෙන් මුහුදට ගලා යන අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ඇළ මාර්ගවල බාධක ස්ථාපනය කළ යුතු ස්ථාන පිළිබඳ තොරතුරුද මෙම යෙදවුමට ඇතුළත් කර ඇත.

තවද, පවිත්‍ර කළ යුතු වෙරළ තීරයන් පිළිබඳ තොරතුරු මෙම යෙදවුම හරහා ලබාගත හැකි අතර, ඒවා නඩත්තු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ වීමටද අවස්ථාව හිමි වේ.

ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කර ගැනීමටද පහසුකම් සලසා තිබේ. ඕනෑම පුරවැසියෙකුට සමුද්‍රීය පරිසරයට අදාළ ගැටලු හෝ පැමිණිලි ක්ෂණිකව වාර්තා කිරීමේ හැකියාවද මෙම යෙදවුම මඟින් ලබාදී ඇත.

සමුද්‍රීය පරිසරය තිරසාර ලෙස සංරක්ෂණය කිරීම, රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතා සහභාගිත්වය වර්ධනය කිරීම මෙම නව ඩිජිටල් වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පාසල් ක්‍රීඩාව ඔසවා තැබීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්

පාසල් ක්‍රීඩාව ඔසවා තැබීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්