බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

Report

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිලාභ සැලසෙන තෙල් නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය කිසි විටෙකත් ඉඩ නොදෙන බවට ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයෙන් අනතුරු අඟවා තිබේ. ඉරාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ සටන්කාමී අණදෙන මූලස්ථානය ලෙස මෙම මූලස්ථානය සලකයි.

එහි ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆකරි පවසා ඇත්තේ, "අමෙරිකාව, ඊශ්‍රායලය සහ මිත්‍ර සන්ධානයේ රටවලට වාසිදායක වන කිසිදු ඉන්ධන ලීටරයක් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට අදාළ සෑම නෞකාවක්ම නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකනවා. ඉන්ධන බැරලයක් ඩොලර් 200ට මිලදී ගන්න ලැහැස්ති වෙන්න" යනුවෙන්ය.

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මොසාඩ් බුද්ධි ඒජන්සියට ඔහු නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ, "ඔබ යුද්ධය ආරම්භ කරන්න, ඒක අවසන් වන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ අපි" යනුවෙන්ය.

එමෙන්ම ඉරානය කලාපය තුළ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කර ඇත.

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆාගරි පවසා ඇත්තේ, ඉරාන බැංකුවකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගන්නා බවත්, ඇමරිකානුවන් "වේදනාකාරී ප්‍රතිචාරයකට" සූදානම් විය යුතු බවත්ය.

ඔහු තවදුරටත් කලාපයේ ජනතාවට අනතුරු ඇඟවූයේ බැංකුවල සිට කිලෝමීටරයක් ඇතුළත රැඳී නොසිටින ලෙසයි.