දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරන ලද ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහතා මියයෑමෙන් පසුව නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ පුත් මොජ්තාබා කමේනි මහතා ඉරාන ජනතාව විසින් තෝරා පත්කරගන්නා ලදී.
අද දින උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මොජ්තාබා කමේනි මහතා ඉරාන අධ්‍යාත්මික නායකයා වශයෙන් තෝරා ගැනීමට තමන් සහාය දක්වන බවයි.
තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්
උතුරු කොරියාවේ KCNA රාජ්‍ය පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන "නීති විරෝධී" ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවයි.
එමෙන්ම මේ ක්‍රියාකලාපය හේතුවෙන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ලොව පුරා සාමය විනාශ කරමින් අස්ථාවරත්වය උත්සන්න කරන බව උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය ද පැවසීය.
යුදමය අවස්ථාවක රටක් නව නායකයට තමන් සහය දක්වන බව පැවසීම තුළින් එම රටේ පක්ෂපාතිත්වය හා තමන් කුමන පිලට අයත්ද යන්න පැහැදිලි කරයි.