හදිසියේම ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනිගෙන් ප්‍රකාශයක් - අළු යට තිබ්බ ලෝක යුද්ධය ආයෙත් මතුවෙයි

Report

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා කමේනි පවසන්නේ ගල්ෆ් කලාපීය බලවතුන් මින් ඉදිරියට අමෙරිකානු හමුදා කඳවුරුවලට "ආරක්ෂිත ස්ථානයක්" නොවනු ඇති බවත්, එම කලාපය තුළ මින් ඉදිරියට අමෙරිකාවට "ආරක්ෂිත තෝතැන්නක්" නොලැබෙනු ඇති බවත්ය.

උත්තරීතර නායකයා සිය ටෙලිග්‍රෑම් නාලිකාව ඔස්සේ වැඩිදුරටත් පවසා සිටියේ,

"කාලයේ දෑත් ආපසු හැරවිය නොහැකියි, එමෙන්ම කලාපයේ ජාතීන් සහ භූමි ප්‍රදේශ මින් ඉදිරියට අමෙරිකානු කඳවුරුවලට ආරක්ෂක වැටක් ලෙස සේවය කරන්නේ නැහැ. නපුර පතුරුවන්නට හෝ කලාපය තුළ හමුදා කඳවුරු පිහිටුවන්නට මින් ඉදිරියට අමෙරිකාවට ආරක්ෂිත තෝතැන්නක් ලැබෙන්නේ නැහැ," යනුවෙන්ය.

එසේම මෙම ප්‍රකාශය නිකුත් වී ඇත්තේ, ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මාස තුනක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීමේ රාමුවක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින පසුබිමකයි. 

ආයෙත් ලෝක යුධ ගිනි ඇවිලෙයි - අද උදෑසනම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

ආයෙත් ලෝක යුධ ගිනි ඇවිලෙයි - අද උදෑසනම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා