ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

Report

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ඊයේ (25) දින රූපවාහිනී නාලිකාවක කාලීන වැඩසටහනක් සමඟ එක්වෙමින් පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩීමක් සිදුකළ යුතු බව හා ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් දක්වා වැඩි කළ යුතුව ඇති බවයි.

ඔහු පවසා ඇත්තේ,

"දළ වශයෙන් ඩීසල් මිල රු 600කට වත් යන්න අවශ්‍යයයි. මැයි 6 වෙනිදා දත්තවලට අනුව පෙට්‍රල් මිලත් අඩුම වශයෙන් රු 20කින් රු 30කින් වැඩි වෙන්න ඔ්නේ. නමුත් ඒක සහනාධාරයක් දීලා යම් කිසි ප්‍රමාණයකට බැලන්ස් කරගන්න පුළුවන්. තෙල් මිල වැඩි කරේ නැතුව හිටියෝත් සිදුවන දේ තමා දැන් වෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙන්න බලපානවා. රුපියල අවප්‍රමාණය වුණොත් මොකද වෙන්නේ තෙල් මිල ආයම වැඩිවෙනවා. මේ චක්‍රය තමා කලින් පාරවල ගියේ. ඒක තමා ආර්ථික අර්බුදයට යන ගමන් මාර්ගය. උද්ධමනයට විශාල බලපෑමක් ඇති කරනවා. හැබැයි තෙල් මිල වැඩිකරන්නේ නැතුව රුපියල අවප්‍රමාණ වුණොත් උද්ධමනයට ඊට වඩා බලපෑමක් ඇති කරනවා."

ලංකාවට වාසියක් වගේ - ලංකාවට තෙල් ගේන සිංගප්පූරු ප්ලැට්ස් ඩීසල් මිල පහළට

ලංකාවට වාසියක් වගේ - ලංකාවට තෙල් ගේන සිංගප්පූරු ප්ලැට්ස් ඩීසල් මිල පහළට

"තෙල් මිල නිතරම වැඩි කරන්න ඕනේ කියන්නේ සමාජ සහනාධාරයක් එක්ක. දැන් කරලා තියෙන්නේ හැම ඩීසල් ලීටරයකටම රජය කියන විදියට රු 100ක් දෙනවා. තෙල්වලට සහනාධාරයක් දුන්නොත් එහෙම ඒකෙන් සිදුවෙන්නේ සහනාධාරය වැඩිපුරම යන්නේ සහනාධාරයක් අනවශ්‍ය අයට. සහනාධාරය දෙන්න දුප්පත්ම අය තෝරලා ජනතාවට බලපෑම අඩු ඒවා. පොදු ප්‍රවාහනයට ඉතා පහසුවෙන් අපිට දෙන්න පුළුවන් ඩීසල් සහනාධාරයක් දුවන කිලෝමීටර් ගාණ අනුව. ලංකාවේ ඉන්න පෝසත්ම අයට මේක දෙනවාට වඩා හොඳ නැද්ද බස් එකේ යන මනුස්සයාට මේක දෙන එක." ලෙසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ දී තෝරාගත් සමාජ ස්ථරයන් සඳහා ඉන්ධන සහනාධාරක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ද එම සාකච්ඡාවේ දී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි