හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත වෙන්නේ නැහැ - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්
ඉරානය සමග ඇති කර ගැනීමට නියමිත සාම ගිවිසුමක් යටතේ "හෝමුස් සමුද්‍ර සන්ධිය" සම්පූර්ණයෙන්ම විවෘත වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් බැහැර එකක් බව ඉරානය පවසයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන "ෆාර්ස්" (Fars news agency) මේ බව තහවුරු කර ඇත. අමෙරිකාව සමග යම් හෙයකින් එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹුණද, හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සහ කළමනාකරණය දිගටම ඉරානය සතුව පවතින බව එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ දෙරට අතර ගිවිසුම අවසන් අදියරේ පවතින බවත්, එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වන බවයි.