හදිසි තත්ත්වයක් - පාකිස්ථානයේ දුම්රියක ප්‍රබල බෝම්බ පිපිරීමක් - ජීවිත මරණ ඉහළට

Report

පාකිස්ථානයේ නිරිතදිග ක්වෙටා (Quetta) නගරයේ මගීන් රැගත් දුම්රියක් ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයක් අසල අද (24) සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුණු පිපිරීමෙන් තවත් පුද්ගලයින් 82කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම බෝම්බය පිපිරීමේ ප්‍රබලත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට සහ දුම්රිය මැදිරිවලට දැඩි හානි සිදුව තිබෙන බව සදහන් වේ. තුවාල ලැබූවන් වහාම ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බව වාර්තා වේ.

ලෝකයම කැළඹෙයි - ධවල මන්දිරය අසල වෙඩි ප්‍රහාරයක් - මානසික රෝගී අපරාධකරු අත්අඩංගුවට

ලෝකයම කැළඹෙයි - ධවල මන්දිරය අසල වෙඩි ප්‍රහාරයක් - මානසික රෝගී අපරාධකරු අත්අඩංගුවට

මෙම ප්‍රහාරයෙන් පසු ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශක බබාර් යූසුෆ්සායි (Babar Yousafzai) ප්‍රකාශ කළේ ක්වෙටා නගරයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම ආරක්ෂක, බුද්ධි සහ සහන සේවා ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම ආරක්ෂිත මට්ටමක් වෙත යොමු කර ඇති බවයි.

මෙම බෝම්බ පිපිරීමේ වගකීම තහනම් කරන ලද සන්නද්ධ කණ්ඩායමක් වන "බලොචිස්ථාන විමුක්ති හමුදාව" (Baloch Liberation Army - BLA) විසින් බාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.