ලෝක සාමය යළිත් අවිනිශ්චිත වෙයි - අමෙරිකානු නියෝජිතයින් හමුවීම ඉරානය ප්‍රතික්ෂේප කරයි
ජුනි මාසයේ අවබෝධතා ගිවිසුමේ ප්‍රගතියක් නොමැති විට එය තම රටට වගකීමක් ලෙස දැකිය හැකි බැවින්, ඉරාන විදේශ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා දෝහා හි ඇමරිකානු සාකච්ඡා කණ්ඩායම හමුවීමට මැලිකමක් දක්වන බව මැද පෙරදිග ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ඇලෙක්ස් වටන්කා පවසන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව ඇලෙක්ස් වටන්කා සඳහන් කරන්නේ ජුනි 17 වන දින අත්සන් කරන ලද ලේඛනයේ දක්වා ඇති පරිදි මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට සහ සාක්ෂාත් කර ගැනීමට කාලය අවසන් වෙමින් පවතින බවත්, එය අවසානයේ එක්සත් ජනපදය සහ ඉරානය අතර පුළුල් ගිවිසුමකට තුඩු දෙන බවත් ය.
මේ අතර ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම වැනි වඩාත් සංකීර්ණ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට පළමුව මීට සති දෙකකට ඉහතදී දෙපාර්ශවය අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි නිරාකරණය කරගත යුතු බවයි.
එනිසා දෙරට අතර ස්ථිර සාමයක් ඇති කරගැනීම උදෙසා පවතින අවස්ථා තවදුරටත් අවිනිශ්චිත වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දෙරට අතර වූ මූලික එකඟතාවයට අනුව, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත පනවා ඇති අවහිරතා ඉවත් කිරීමට හිලව් ලෙස ඔවුන්ට මූල්‍ය දිරිගැන්වීම් ලබාදීමට නියමිතව තිබූණු බව සඳහන්.
වෙනිසියුලාවම කම්පා කළ භූ කම්පාවලින් දින 6ට පසු සිදු වුණු පුදුමය - රටම පුදුම වෙද්දි මරණයෙන් නැගිට ආ අවුරුදු තුනේ දරුවා
එසේම ස්ථිර සාම ගිවිසුමක් වෙනුවෙන් දින 60ක සාකච්ඡා කාලසීමාවක් ද වෙන්කර ඇත. මේ අතර ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කුෂ්නර්, මැදිහත්කරුවන් සමඟ ඇමරිකානු - ඉරාන සාකච්ඡා, සාකච්ඡා කිරීමට දෝහා වෙත පැමිණ සිටින බව කටාර් විදේශ අමාත්‍යාංශ සඳහන් කළද ඔවුන් එහි ඉරාන නිලධාරීන් හමුවන්නේ නැති බව සඳහන්.
එමෙන්ම ඉදිරි දිනවලදී දෙපාර්ශ්වය අතර ඉහළ මට්ටමේ රැස්වීම් හෝ සෘජු සාකච්ඡා පැවැත්වීමට නියමිත වී නැති බව සඳහන්.