වෙනිසියුලාවම කම්පා කළ භූ කම්පාවලින් දින 6ට පසු සිදු වුණු පුදුමය - රටම පුදුම වෙද්දි මරණයෙන් නැගිට ආ අවුරුදු තුනේ දරුවා
වෙනිසියුලාවේ සිදුවූ විනාශකාරී ද්විත්ව භූමිකම්පාවලින් දින හයකට පසුව, සුන්බුන් අතරින් දරුවෙකු බේරාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව රොයිටර් පුවත් ඒජන්සිය විසින් ක්ලයිබර් මොරන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිමි ළමයා ඊයේ දින අලුයම බේරා ගෙන ඇත.
කෙසේ වෙතත් වෙනිසියුලානු බලධාරීන්ට අනුව, ගලවා ගැනීමේ කටයුතුවල හයවන දිනයේදී දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඔහු වේ.
මේ අතර වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ටෙලිග්‍රෑම් හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජෝර්දානයේ සිට පැමිණි ගලවාගැනීම්කරුවන් විසින් ලා ගුයිරා ප්‍රාන්තයේ ලොස් කොරල්ස් ගාර්ඩන් 1 ගොඩනැගිල්ලෙන් මොරාන්ව පිටතට ගත් බවයි.
බලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අනුව, ඉකුත් බදාදා වෙනිසියුලාවේ මිනිත්තුවකටත් අඩු කාලයකදී රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක භූමිකම්පා දෙකක් ඇති විය. එමඟින් ගොඩනැගිලි කඩා වැටී දහස් ගණනක් ජනතාව සුන්බුන් අතර සිරවී සිටියා.
කෙසේ වෙතත් රොඩ්‍රිගස් විසින් වයස අවුරුදු තුනක් ලෙස විස්තර කරන ලද මොරන්, ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් විසින් වයස අවුරුදු දෙකක් ලෙස විස්තර කර තිබූ අතර ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය බව අඳාළ පණිවිඩයේ සඳහන්.