ඊශ්‍රායලයේත් මහා විනාශයක් - රටම අඳුරු කරමින් විශාලම තෙල් පිරිපහදුවට මිසයිල ප්‍රහාරයක්

Report

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව වශයෙන් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව ද පවසයි.

කෙසේ වුවද ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බව සහ විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

උතුරු ඊශ්‍රායලයේ හයිෆා බොක්කෙහි පිහිටා ඇති බසාන් සමූහය ඊශ්‍රායලයේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානය ලෙස හඳුන්වයි.

ඉරානය කරපු ලෝක අපරාධය නිසා මුළු කටාරයම කණගාටුවෙන් - අනපේක්ෂිත තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඉරානය කරපු ලෝක අපරාධය නිසා මුළු කටාරයම කණගාටුවෙන් - අනපේක්ෂිත තත්ත්වයක් ප්‍රකාශ කරයි

එම දත්ත වාර්තාවන්ට අනුව ඊශ්‍රායලයේ පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන බසාන්, එරට ඩීසල්වලින් 60%ක් සහ පෙට්‍රල්වලින් 50%ක් නිපදවන බව සඳහන්.

ඒ අනුව මෙම තෙල් පිරිපහදුවට දිනකට තෙල් බැරල් 197,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

එසේම ඉරානය හා ඊශ්‍රායලය අතර ඉකුත් වසරේ ජුනි මාසයේදී ඇතිවූ 'දින 12' යුද්ධයේදී ද මෙම පිරිපහදුවට ප්‍රහාර එල්ල වූ අතර, ඒ නිසා එහි කටයුතු තාවකාලිකව වසාදැමීට ඊශ්‍රායලයට සිදුව තිබුණා.

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ලෝකෙම දෙදරයි - ලොව විශාලතම වායු නිධියට එල්ල වූ ප්‍රහාරය සමඟ ලෝක තෙල් මිල යළිත් ඉහළට

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්