ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්
ඉරානයට අයත් IRIS DENA නෞකාව සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කිරීම විවේචනය කරමින් ඒ සම්බන්ධයෙන් සවිස්තර පැහැදිලි කිරීමක් සහ ඉරානයට අයත් IRIS Bushehr නෞකාව තවමත් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට නොහැකි වී ඇති බව ද විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අද (19) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම නෞකාව මේ වනවිට කොළඹට මුහුදු සැතපුම් 9.5ක් පමණ දුරින් නැංගුරම් ලා තිබෙන බවයි.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා කියා සිටියේ,
ඉන්ධන ප්‍රශ්ණේ හෙට විසදනවා - QR කේතය අමාරු නිසයි අංක තහඩුවට තෙල් දෙන්නේ - ඇමති බිමල්ගෙන් පැහැදිලි කිරීමක්
"ඉරාන නැව් පිළිබඳ ප්‍රශ්නයේදී මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන්ම පට්ටපල් බොරු මේ පාර්ලිමේන්තුවේදී කිව්ව නොදන්න කරුණු නිකන් දන්නවා වගේ කිව්වා, මුළුමනින්ම නොමඟ යැවීමක් කරා. ඉන්දියාවේ විශාඛා පට්නම්වල තිබුණු ඒ නාවික හමුදාවේ ෆේට් එකට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත් සම්බන්ධ වුණා. ඉරානය නැව් තුනකුත් සම්බන්ධ වුණා. තවත් නැව් කීපයක්ම සම්බන්ධ වුණා. ඒ නැව් වලින් නැව් තුනක් අපේ ලංකාවට එන්න අවසර ඉල්ලුවා. ඇත්තටම ඒ අවසරය ඉල්ලුවේ පෙබරවාරි මාසෙ 26 වෙනිදා මේ යුද්ධ පටන් ගත්තේ පෙබරවාරි 28 වැනි දා. ඊට කලින් තමයි අපේ අවසර ඉල්ලුවේ ඒ අවසර ඉල්ලුවේ කොහොමද මාර්තු මාස 9 වැනිදා ඉඳලා මාර්තු මාසේ 13 වැනිදා දක්වා ලංකාවට එන්න. එහෙම නැතුව මේ හදිස්සියේ එන්න නෙමෙයි. පැය එකොළහක් ඇතුළත එන්න කියල කොහෙවත් අපෙන් අවසර ඉල්ලලා නෑ නොදන්න දේවල් කියවන්න එපා. මගේ ලග තියෙනවා ඒ එවපු ටීපීඑන් එක. හරි පැහැදිලිව ඉරාන තානාපති කාර්යාලයෙන් අපේ විදේශ අමාත්‍යංශයෙන් අවසර ඉල්ලුවේ පෙබරවාරි 26 වැනිදා මාර්තු 9 වැනිදා ඉඳන් මාර්තු 13 වැනිද දක්වා ඒ දවස් හතර කාලය තුළ ගුඩ්විල් විසිට් එක්කට එන්න. ඒ තමයි ඇත්ත කතාව මෙන්න තියෙනවා ටීපිඑන් එක මෙන්න තියෙනවා ලියුම. පට්ටපල් බොරු කිව්වේ මේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා. පච කියන එකත් අහුවෙන් නැති වෙන්න කියන්න කිසිදු සාක්ෂියක් නැතුව කිව්වේ. මම කියනවා පුළුවන් නම් පෙන්නන්නෙ කොහෙද පැය එකොළහක් ඇතුළත ඉල්ලලා දුන්නේ නැත්තේ කොහෙද කියලා. ඒක මේ අපි ආරාධනා කළ ආපු එකක් නෙමෙයි. තවත් මන් දැක්කා මාධ්‍යවල තිබුණා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ආරාධනා කරලා තිබුණා කියලා නැහැ කිසිසේත්ම නැහැ....."
එමෙන්ම තව දුරටත් අදහස් දැක්වූ ඔහු,
"ඉරානයට අයත් IRIS Bushehr නෞකාව කොළඹට මුහුදු සැතපුම් 9.5ක් අසන්නයේ තියෙනවා. අපිට ඒක ත්‍රිකුණාමලය වරාය වෙත ගෙනියන්න ඕනේ හැබැයි ගෙනියන්න බෑ එන්ජිමේ දෝෂයක් නිසා. අපි ඒකට අවශ්‍ය කරන තාක්ෂණික සහාය තව පුද්ගලික සමාගමකින් ගත්තා. ඒ නැව ත්‍රිකුණාමලය වරායට අරගෙන ගිහින් අපි ඒ නැව රඳවා ගන්නවා." යනුවෙන්.