ICC යෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා..! ලාංකීය පළමු පෙළ ක්‍රීඩකයෙකුත් ඒ අතර....
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත.
මොවුන්ට චෝදනා ගොනුකර තිබෙන්නේ, 2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බවට පැවසෙන දුෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළවයි.
ඒ අනුව කණ්ඩායම් සම හිමිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi වෙතද චෝදනා එල්ලවී තිබේ.
එසේම පිතිකරණ පුහුණුකරු Ashar Zaidiහට ද, සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon හටද, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙතද මෙලෙස දූෂණ චෝදනා එල්ලවී තිබේ.
මෙලෙස චෝදනා එල්ලවන ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ද වීම විශේෂත්වයකි.
මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rizwan Javed හට සහ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හටද එමගින් ICCය විසින් චෝදනා ගොනුකර ඇත.