ඉන්ධන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ හෙළිදරව්වක්
මෙම වසරේ (2026) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මුල් මාස 09ක කාලය තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් මෙරට වැය කළ සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4,487.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය 2025 වසරේ එම කාලසීමාව තුළ ඉන්ධන ආනයනය සඳහා වැයවූ අමෙරිකානු ඩොලර් මිලියන 2,961.3 සමග සංසන්දනය කිරීමේදී මෙය 51.5%ක එනම් අමෙරිකානු ඩොලර් මිලියන 1,525.9ක පැහැදිලි වර්ධනයකි.
කෙසේවෙතත්, පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 415.1ක් වූ අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ වැයවූ ඩොලර් මිලියන 440.7ට සාපේක්ෂව ඩොලර් මිලියන 25.6ක (-5.8%) සුළු අඩුවීමක් සටහන් කරයි.
මේ අතර මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය උග්ර වීමත්, හෝමුස් සමුද්ර සන්ධිය ඔස්සේ සිදුවන තෙල් ප්රවාහනයට එල්ල වූ සීමා කිරීම් නිසා ගෝලීය බොරතෙල් මිල, නැව් ගාස්තු සහ රක්ෂණ පිරිවැය ඉහළ යාමත් හේතුවෙන් දේශීය ඉන්ධන මිල ගණන් ඉහළ ගියේය.
අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
මෙහි ප්රතිඵලයක් ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 2026 වසරේ පළමු මාස 06 තුළ ශුද්ධ විකුණුම් ආදායම 40.4%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 576.6ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය 2025 වසරේ පළමු මාස 06හි සටහන් වූයේ රුපියල් බිලියන 410.7ක් ලෙසය.