පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

Report

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2025.11.01 වන දින සිට 2025.11.30 දක්වා දීර්ඝ කර තිබේ .

කෙසේ  වෙතත්   අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ 2022, 2023 හෝ 2024 වර්ෂයන් හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට ඔවුන්ගේ පළමු හෝ දෙවන වාරය ලෙස සිටි පෙනී දරුවන්, 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා පවතින අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කිරීම සිදු කරන බවයි .

තවද මෙම පොලී රහිත ශිෂ්‍යණය යොජනා ක්‍රමය සඳහා අයදුම්පත් යොමු කිරීම www.studentloans.mohe.gov.lk  වෙබ් අඩවියට පිවිස මාර්ගගත ව සිදු කළ හැකි බව වැඩි දුරටත් සදහන් කරයි.

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්