ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

Report

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2026 වර්ෂය සඳහා අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2024හි විධිවිධාන පරිදි ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික හා මූල්‍ය ලංසු කැඳවා ඇත.

එබැවින් ලංසුකරුවන් 05දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබෙන අතර ලංසු 02ක් තාක්ෂණික ඇගයීමෙන් පසුව මූල්‍ය ලංසු ඇගයීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය මඟින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2026 ජනවාරි මාසයේ සිට මාස 12ක කාලයක් සඳහා ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික්ටොන් 380,000ක් (+ 20%ක්) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත සපයාගැනීම් සඳහා වන ප්‍රසම්පාදනය, Geo Gas Trading S.A. වෙත ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉන්ධන මිල සංශෝධනය මෙන්න

ඉන්ධන මිල සංශෝධනය මෙන්න

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පාසල් ආරම්භක දිනය ගැන දැනුවත් කිරීමක්

පාසල් ආරම්භක දිනය ගැන දැනුවත් කිරීමක්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක් by kaushalya