IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන හමුදාවෙන් ප්‍රකාශයක්

Report

ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු නාවික හමුදාවේ සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නෞකාව ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් මුහුදුබත් වී ඇත.

මෙය ලෝක යුද්ධයෙන් පසුව අමෙරිකාව විසින් සතුරු නෞකාවකට එල්ල කළ පළමු ටෝපිඩෝ ප්‍රහාරය ලෙස සැලකේ.

පසුගිය මාර්තු 4 වැනිදා ලැබුණු ආපදා සංඥාවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර, නෞකාවේ සිටි 32 දෙනෙකු බේරාගෙන ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අය අතරින් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ සිටින බවත්, තවත් දස දෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.

මියගිය ඉරාන නාවිකයන්ගෙන් 84 දෙනෙකුගේ දේහයන් ගාල්ල ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණවලට භාජනය කර ඇත.

නෞකාවේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය 130-180 අතර ප්‍රමාණයක් බවත්, ඉන් බොහෝ දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම ඉරාන-අමෙරිකා-ඊශ්‍රායල් ගැටුම මැදපෙරදිගෙන් ඔබ්බට ව්‍යාප්ත වීමේ සංඥාවක් ලෙස සැලකෙන අතර, ඉරානය මෙය "සමුද්‍රයේ අත්‍යාචාරයක්" ලෙස හඳුන්වා ඇත.

නෞකාව ඉන්දියාවේ MILAN 2026 නාවික අභ්‍යාසයෙන් පසු ආපසු ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. 

බොර තෙල් බැරලය ඩොලර් 100 ඉක්මවයි

බොර තෙල් බැරලය ඩොලර් 100 ඉක්මවයි

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර