බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර
By Kaushi
බහරේනයේ අගනුවර ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම ලෙස පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ඒ අනුව තුවාල ලැබූ සියලුම දෙනා බහරේන් වැසියන් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එසේම තුවාල ලැබූවන් අතර හිසට සහ ඇසට බරපතළ තුවාල සිදු වූ 17 හැවිරිදි දැරියක් ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද එම පිරිස අතර මාස දෙකක් වයසැති බිළිදෙක් ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
මේ අතර එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ පිරිසෙහි සිටින සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත්, ශල්‍යකර්ම අවශ්‍ය වූ කුඩා දරුවන් ද ඒ අතර සිටින බවත් ය.