ආපදාවට පත් කර්මාන්තකරුවන්ට විශේෂ නිවේදනයක්
කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ හෙට (16) දින පස්වරු 2ට පෙර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුම්දෙන ලෙසයි.
කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 0712 666 660 යන දුරකථන අංකය ඔස්සේ ආපදාවට පත් වූ කර්මාන්ත පිළිබඳ දැනුම් දිය හැකි බවය.
ඊට අදාළ තොරතුරු www.industry.gov.lk හරහා හෙට දිනයට පෙර සිදුකරන ලෙසත් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එමෙන්ම කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යාංශය පවසා සිටින්නේ ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ තොරතුරු දැනුම්දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් විමසිය හැකි බවයි.