රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන්න යයි
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට විරුද්ධව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව අඳාළ නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබෙනවා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෙම සැකකරුවන්ට විරුද්ධව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
එසේම අඳාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර ඇත.
එහෙත් ඔවුන් දැනටමත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබෙනවා.
අඳාළ නඩුකරය නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිත බව සඳහන්.