සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

මෙම චෝදනා එල්ල වූයේ ජාමුණි කමල් තුෂාර නැමැත්තෙකු විසින් ඊයේ (25) වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විපක්ෂ නායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.

විපක්ෂ නායක කාර්යාලය පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය නියමිත දිනටත් පෙර, 2025 අප්‍රේල් මස පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට භාර දුන් බවයි. මෙය තහවුරු කරමින්, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ අත්සනින් යුතු 2025 අප්‍රේල් 23 දිනැති ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති බවත්, එම ලිපිය මීට පෙර මාධ්‍යයට හෙළිදරව් කළ බවත් නිවේදනයේ සඳහන් වේ.

වත්කම් බැරකම් සම්බන්ධයෙන් සජිත්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි

වත්කම් බැරකම් සම්බන්ධයෙන් සජිත්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි

එසේම, නියමිත ලේඛනය ඩිජිටල් ආකෘතියට අනුව යළි පුරවා 2025 සැප්තැම්බර් 24 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවත්, මෙම ඩිජිටල් පිටපත දැනටමත් කොමිසමේ නිල වෙබ් අඩවියේ (www.ciaboc.gov.lk) ප්‍රදර්ශනය කර ඇති බවත් විපක්ෂ නායක කාර්යාලය පෙන්වා දෙයි. මෙමඟින් සජිත් ප්‍රේමදාස මහතාගේ විනිවිදභාවය තහවුරු වන බවද ඔවුන් අවධාරණය කරයි.

වත්කම් ප්‍රකාශය නිසි ලෙස ඉදිරිපත් කර තිබියදීත්, යළිත් වරක් මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීම "මඩ ගැසීමේ ව්‍යාපාරයක" කොටසක් ලෙස පෙනී යන බව විපක්ෂ නායක කාර්යාලය චෝදනා කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.

ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිද වෙයි  

රන් ආභරණ 3 050 000

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2 719 325

විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6 718 818

වෙනත් ආදායම් 496 581

වෙනත් ආදායම් 110 301

සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

වත්කම් 

නිවාස 60 000 000

නිවස 5 000 000

කෘෂිකාර්මික ඉඩම 500 000

මහල් නිවාස 17 000 000 (ණයක් මගින්)

ඉඩම පර්චස් 11.3 - රු 9 958 993

ඉඩම පර්චස් 11.3 -රු 8 856 383 ඉ

ඩම පර්චස් 80 - රු. 100 000

ඉඩම අක්කර 1 පර්චස් 48 - රු 100000

නිවාස සහිත ඉඩම පර්චස් 54 - රු 500 000

ඉඩම අක්කර 2 පර්චස් 127 - රු 300 000

ඉඩම පර්චස් 13.56 රු 6 100 000

ඉඩම පර්චස් 13.56 - රු 2 557 400

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

වාහන

රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2

ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000

ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000

මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා)

රු 10 0000 000 රු. 17 815 902ක් වටිනා කොටස්

රු 17 552 330ක් වටිනා කොටස්

බැංකු තැන්පතු රු 29 601 761

බ්‍රිතාන්‍ය පවුම් 4 390  

වගකීම් (ණය) රු 90 381 017 

සම්පත් මනම්පේරිට දින 90ක රැඳවුම් නියෝග

සම්පත් මනම්පේරිට දින 90ක රැඳවුම් නියෝග

GalleryGalleryGalleryGalleryGalleryGallery