සියල්ලන් පුදුම කරවමින්, 07වන වරටත් කැලැන්ඩර් වර්ෂයක කෝලි තැබූ සුපිරි වාර්තාව - ඒ අනුව ලොව පළමු වැනියා ඔහුයි..! (PHOTOS)
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි නව වාර්තාවක් තබා තිබෙනවා.
ඒ හත්වන වරටත් කැලැන්ඩර් වර්ෂයක දී ජාත්‍යන්තර ලකුණු 2,000 සීමාව පසු කළ පළමු ලොව පිතිකරුවා බවට පත්වෙමින් ය.
ඒ අනුව දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී විරාට් කෝලි මෙම වර්ෂයේ දී ලකුණු 2000 සීමාව පසුකර ගියේ ය.
එමෙන්ම, මීට පෙර විරාට් කෝලි 2012 (ලකුණු 2186), 2014 (ලකුණු 2286), 2016 (ලකුණු 2595), 2017 (ලකුණු 2818), 2018 (ලකුණු 2735) සහ 2019 (ලකුණු 2455) ක් රැස්කරගෙන තිබිණ.
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී කෝලි පළමු ඉනිමට ලකුණු 38ක් සහ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 76ක් රැස් කළේ ය.