කූවේට්වලින් ආ ඉන්දියානුවා ජීව උණ්ඩයක් සමග අත්අඩංගුවට

Report

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ ජීව උණඩයක් ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (21) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. මොහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන 30 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.

"අපි ආහාර නැතුව පස් කනවා.." - ලොව සිත උණුසුම් කරන වීඩියෝව

"අපි ආහාර නැතුව පස් කනවා.." - ලොව සිත උණුසුම් කරන වීඩියෝව

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ( Scan Test) ඔහුගේ ගමන් මල්ලේ කුඩා පෙට්ටියක් තුළ අසුරා සගවා ගෙන සිටි ටී.- 56 තුවක්කු සදහා භාවිතා කරන මෙම ජීව උණඩය අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව, පොලීස් නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන ඇති අතර තමන් කුවේට් රාජ්‍යයේ විවෘත තණ පිටියක් පිරිසිදු කරමින් සිටියදී , මෙම ජීව උණඩය තමන්ට ලැබුණ බව පොලීසිය හමුවේ මෙම ගුවන් මගියා සඳහන් කර ඇත.

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -