බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE - VIDEO]
By Mithu
UPDATE: 2025-06-21 (07.10 PM)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 34 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.
ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.
අනතුර අද සිදුව ඇත්තේ පස්වරු 06ට පමණය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
UPDATE: 2025-06-21 (18.46 PM)
බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු මියගොස් 26 කට තුවාල සිදුව ඇති බව බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා