පාකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි
Pakistan
India
Sinhala news
By Shehan
ඉන්දියානු රජය විසින් පාකිස්ථානයට අයත් සහ එරට පාලනය යටතේ ඇති සියලු ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට තීරණය කර ඇත.
මෙම තීරණය ගනු ලැබුවේ දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්න වූ පසුබිමකයි.
පසුගිය දිනක ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හිදී පාකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් සංචාරකයන් 26 දෙනෙකු මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්දියාව මෙම පියවර ගෙන ඇත්තේ එම සිදුවීමට ප්‍රතිචාර වශයෙනි.
කෙසේ නමුත්, පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්ථාන රජය විසින් ඉන්දියානු හිමිකාරිත්වය සහිත හා ඉන්දියානු පාලනය යටතේ ඇති සියලු ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පියවර ගෙන ඇත.
